පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු දුරකතන ඇමතුම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙන අතර එය පාර්ලිමේන්තුව තුළත් උණුසුම් පුවතක් බවට පත්ව තිබේ.
ඇමතුම ලබාදුන්නේ කවුදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (03දා) අගමැතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී අගමැතිවරයා පැවැසුවේ " ඇමතිවරයා අසා තිබුණේ" යැයි පැවැසුවේය.
එමෙන්ම ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් අසන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේ වුවත් ඒ කවුරුන්දැයි යන්න පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ නොකළේය. එසේම පොලිස්පතිවරයා මෙන්ම අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ ඇමතුම ලබාදුන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතා විය හැකි බවයි.