(VIDEO) සබරගමුවේ පැවැති පොලිස් දින සැමරුම් උත්සවයකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණ දුරකතන ඇමතුමක් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ඔහුට ඊයේ ලැබුණ මෙම දුරකතන ඇමතුමේදී පොලිස්පතිවරයාට ඇමතුම ලබාදුන් පුද්ගලයාට පොලිස්පතිවරයා 'සර්' යනුවෙන් අමතන අතර ඔහු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස්පතිවරයා පවසන්නේ 'නිලමේ' අත්අඩංගුවට නොගන්නා ලෙසට තමන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ අධ්යක්ෂවරයාට උපදෙස් දුන් බවත් අත්අඩංගුවට ගන්නේ නම් තමාව දැනුවත් කරන බවත්ය.
මෙම වීඩියෝව දැඩි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටි අතර එයට පිළිතුරු දුන් ජනපතිවරයා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ ක්‍රියාමාර්ගය වැරදි බවත් එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.
VIDEO