ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 22 වන ආසියාතික පැසිෆික් මත්ද්‍රව්‍ය මෙහෙයුම් බලාත්මක කිරීමේ සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20 දා) අලුයම දිවයිනෙන් පිටව ගිය බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම සමුළුව මෙම මස 20 වන දින සිට 24 දින දක්වා පැවැත්වෙන බැවින් 20 දින සිට 21 දින දක්වා වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව එම කාලසීමාව තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා එම පොලිස්පතිධුරයේ වැඩබලන බව එහි වැඩිදුරටත් සඳහන්ය.