පිටිගල, මාරක්ගොඩ ප්රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරමැදිරියක් තුළ රඳවා තිබූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද (19දා) මෙම සිදුවීම සිදුව තිබේ. පොලීසිය මෙය සියදිවි නසාගැනීමක් බවට විශ්වාස කරයි. කෙසේ වෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කර තිබේ.ඉන් අනතුරුව පිටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට දැඩි විනය ක්රියාමාර්ග ගන්නා ලෙසත් නියෝග කර තිබේ.