පොලිස් නිලධාරීන්ට ලබාදුන් ස්ථාන මාරුවීම් අද (22දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
පොලිස් නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම්, නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් හා පොලිස්පතිවරයා නියෝජනය කරන කමිටුවක් පමණක් සිදුකරන ලෙසද ජනපතිවරයා උපදෙස් දී තිබේ.