පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් සිදුකරන බලපෑම නිසා සමස්ත පොලිස් සේවාවම දැඩි අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව පොලිස් නිලධාරීහු සඳහන් කරති.
මීට අමතරව මෙම අමාත්‍යවරයා විසින් විශ්‍රාම යෑමට නියමිත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සේවා දිගුවක් ලබාදීමට උත්සාහ කරමින් සිටින බවටත් පොලිස් නිලධාරීන් පෙන්වා දෙයි.
පසුගිය ආණ්ඩුවේද ප්‍රබල අමාත්‍ය ධුර දැරූ මෙම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා නීතිය හා සාමය අමාත්‍යාංශයේ වැඩකටයුතු සේම පොලිස් මූලස්ථානයේ වැඩකටයුතුත් දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවද පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
බොහෝ ස්ථාන මාරු මෙම අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත නැවතී යන බවත්, සිදුනොවිය යුතු ස්ථාන මාරු මෙම අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත සිදුවන බවද කලකිරීමට ලක්වූ පොලිස් නිලධාරීහු සඳහන් කරති.
ජාතික ආරක්ෂාව හෝ නීතිය හා සාමය අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නොමැති මෙම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා බහුතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් දැඩි කලකිරීමකට ලක්ව සිටින බවද වාර්තා වේ.