කැකිරාව පොලිස්ථානය ආසන්නයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනයක ඉතා රහිසිගතව පවත්වාගෙන ගිය බූරූ පොළක මුදලට සූදු ක්රීඩාවේ නිරතවෙමින් සියටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 36 දෙනාට එක් සැකකරුවෙකුට රුපියල් 100 බැගින් රුපියල් 3600 ක දඩ මුදලක් ගෙවන ලෙස කැකිරාව දිසා මහේස්ත්රාත් දුලාන් වීරවර්ධන මහතා ඊයේ (07දා) නියෝග කළේය.
මේ අතර එම ස්ථානයේ තිබී අත්අඩංගුවටගත් රුපියල් හය ලක්ෂ හයදහසක මුදල හා අනෙකුත් දෑ රාජසන්තක කරන ලෙස නියෝග කළේය.
තවද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවටගත් මුදල් පසුම්බි, ජංගම දුරකථන හා නිවාඩු නිකේතන භූමියේ තිබි පොලිස් භාරයට ගත් යතුරුපැදි, ත්රිරෝද රථ හා මෝටර් රථ සැකකරුවන්ට මුදාහරින ලෙසද විනිසුරුවරයා කැකිරාව පොලීසියට වැඩිදුරටත් නියෝග කළේය.
කැකිරාව පොලිස්ස්ථානයට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ගණේවල්පොල ප්රධාන මාරගයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි නිවාඩු නිකේතනයක බූරුපිටියක් පවත්වාගෙන යන බවට තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත පොලිස් ස්ථාන පහක ස්ථානාධිපතිවරුන් එක්ව මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.