නව පොලිස් ස්ථාන මාරුවීම් ක්‍රමවේදයට මේ මස 25 වැනි දින අනුමැතිය ලබාදෙන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.
මේ අනුව කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරද ඇතුළත්ව සියලුම තනතුරුවල ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයා විසින්ද, සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් තනතුරද ඇතුළත්ව තනතුරුවල ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින්ද සිදුකරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.