අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කතරගම වැඩිහිටි කන්ද ප්රදේශයේදී මෙම වෙඩි තැබීම ඊයේ (20දා) රාත්රියේදී සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
කතරගම පදිංචි 44 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුව ප්රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේදී ඔවුන්ව විසුරුවා හැරිමට පොලීසිය කඳුළු ගෑස් ප්රහාරයක්ද එල්ල කර ඇත.
වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.