දිගන ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට අද (22දා) පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා තිබේ
දිගන රජවැල්ල කෝවිළ පාරේ පදිංචි ඉන්දික සංජීව (35) හා රුචිර ගයාන් (28)නැමැති
තරුණයන් දෙදෙනෙකු මෙලෙස පොලිස් වෙඩි ප්රහාරයට ලක්ව ඇත.
තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු දිගන විදුලිබල මණ්ඩල මාවතේ ගමන්
ගනිමින් තිබු යතුරු පැදියක් නවත්වන ලෙස අණ කර තිබෙන අතර එය පොලිස් අණ
නොතකා ධාවනය කිරීමේදි මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් තෙල්දෙණිය දිසා රෝහලට ඇතුළත් කර ඇති බව
තෙල්දෙණිය පොලීසිය පවසයි.
තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.