විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියේ පැවති උද්ඝොෂණයේදී භික්ෂුන් වහන්සේ නමක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
අද (29දා) දහවල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විශ්වවිද්‍යල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 200 නමක් පමණද, විශ්වවිද්‍යාල සිසුන් 150ක් පමණද උද්ඝෝෂනයක් පැවැත්වූ අතර මෙම උද්ඝෝෂණ අවස්ථාෙවීදී භික්ෂූන් වහන්සේ නමක් විසින් ල් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පොලීසිය කියයි.
තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුලත් කර ප්‍රථිකාර ලබන බ අතර මෙම සිද්ධියෙන් තුවාල සිදුවූ කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාද කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබන බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරයි.