යුරෝපය බලා යෑමට පැමිණෙන සංක්‍රමණිකයන් හංගේරියාවේ සර්බියා දේශසීමාවේ පොලිස් ආරක්ෂක වළලු බිඳගෙන බුඩාපෙස්ට් අගනුවර දක්වා පයින්ම ගමන් අරඹා ඇත.
මීට පෙරද රොස්කේ හි සංක්‍රමණිකයන් ලියාපදිංචි කිරීමේ කඳවුරක්ද බිඳගෙන ඔවුන් ඉදිරියට පැමිණ තිබුණි.
එහිදී, 300ක පමණ සංක්‍රමණිකයන් පිරිසක් මහාමාර්ගයේ පයින්ම ගමන් කරන විට පොලීසියද ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයන් පාලනයට ගමන් කර ඇති අතර, පසුව ඔවුන් බස් රථ මගින් රැගෙන ගොස් ඇති බවටද වාර්තා පවතී.
මේ අතර, ග්‍රීක රජය හා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් අමතර සේවකයන් හා නෞකා යොදා ගනිමින් ලෙස්බෝස් දූපතේ සිටින 25,000ක පමණ සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම අරඹා ඇත.
එහිදී, අතරමං වූ සංක්‍රමණිකයන්ට විශේෂයෙන් උදව් කිරීමේ අරමුණින් එම දූපතේ පාපන්දු පිටියක විශේෂ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකර ඇත.