පොලිස් සේවයට ස්ථිර උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරනතුරු පොලිස් සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටියද ඒ සඳහා නිර්දේශ ලබා නොදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
සේවා කාලය සලකා බලමින් පොලිස් පරීක්ෂක තනතුරු 521, කාන්තා පොලිස් පරීක්ෂක තනතුරු 52 ක් පොලිස් සැරයන් තනතුරු 1861, කාන්තා පොලිස් සැරයන් තනතුරු 567 ක් පොලිස් සැරයන් රියදුරු තනතුරු 275 ක් සම්පූර්ණ කිරීමට පොලිස්පතිවරයා විසින් අවසර ඉල්ලා ඇත.
එහෙත් සේවා කාලය පමණක් සලකා බැලීම තුළින් සේවා කාලයේ දක්ෂතාවලට හා ලබාගත් අධ්‍යාපන සුදුසුකම සේවා සුදුසුකම නොසලකා හැරීම සිදුවන නිසා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර දමා තිබෙන අතර, විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරියේදි ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.