සේවා අවශ්‍යතාව මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
මේ අනුව තලංගම ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හලාවත කොට්ඨාසයටත් පොල්ගහවෙල ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තලංගම ස්ථානාධිපති ලෙසත් කින්නියා ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොල්ගහවෙල ස්ථානාධිපති ලෙසට හා කොළඹ දකුණ කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කින්නියා ස්ථානාධිපති ලෙසටත් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
මීට අමතරව මාවනැල්ල ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බණ්ඩරවෙල පොලිස් ස්ථානයටත්, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාවනැල්ල ස්ථානාධිපති ලෙසටත් ස්ථානමාරු වීම් ලබාදී ඇත.