තඹුත්තේගම නගරයේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (26දා) අලුයම පහරදී පොලිස් නිලධාරියකු සතුව තිබූ ගිනිඅවියක් පැහැරගෙන පළාගිය සැකකරුවන් සොයා තඹුත්තේගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
අද අලුයම 1.30 ට පමණ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී නගරයේ මුර සංචාරයේ නිරතවෙමින් සිටි තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඔවුන් සතුව තිබූ පිස්තෝලයක් සැකකරුවන් තිදෙනෙකු විසින් මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
පිස්තෝලය පැහැරගත් සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්ද එල්ලකර ඇති අතර, එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා තඹුත්තේගම මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.
තිසර සමල් - එප්පාවල/ උපුල් හේරත්/ නන්දන කුමාර