නාරම්මල පොලිස් ස්ථානයේදී රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පොලිස් ස්ථානයේදිම අල්ලස් ලබාදිමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. නාරම්මල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට රුපියල් 500ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මීගමුවේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (22දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.