පෞද්ගලික බස් රථයකදී පොලිස් නිලධාරියෙකුට පහර දුන්නැයි සැකපිට එම බස් රථයේ කොන්දොස්තරවරයා හා මිතුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ හාලිඇළ පොලිස් ස්ථානයේ සේවය කරන පො.කො. නුවන් කුමාර මහතා බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය පැවසීය.
හාලිඇළ පොලිස් ස්ථානයේ සේවයකරන මෙම පොලිස් නිලධාරියා දවසේ සේවය නිමවී සිවිල් ඇඳුමින් සැරසී ඊයේ (03දා) රාත්රියේ සිය නිවස බලා යාම සඳහා බදුල්ල සිට කොළඹ බලා දක්වා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී බසයට හාලිඇළදී ගොඩවී ඇති බවත්, ගමන් ගාස්තුව වන රුපියල් 50ක් කොන්දොස්තරටදී ඇති බවත් සඳහන් වේ.
මුදල් ලබාගත් කොන්දොස්තර ඒ සඳහා ටිකටි පතක් ලබානොදීම පිළිබඳව බහින්බස් වීමකින් පසු කොන්දොස්තරවරයා බසයේම සිටි ඔහුගේ සගයන් දෙදනෙක් සමග එක්ව පොලිස් නිලධාරියාට පහරදී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බසයේ සිටම මේ පිළිබඳව පොලීසියට ජංගම දුරකථනයෙන් දැනුම් දීමත් සමග ඇල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් බසය නතරකර සැකකරුවන් තිදෙනා අත්අඩංගවට ගෙන තිබේ.
බසයේ ගමන් කළ මගීන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (04දා) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.