මංකොල්ලාකෑමේ චෝදනාවකට අදාළව සැකකරුවෙකු මෙම මස (25 දා) අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම්වලදී එම සැකකරු මිය යාමේ සිදුවීමට අදාළව පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ සැකකරු ප්රශ්න කිරීම්වලින් පසු රෝහල් ගත කරන අතරතුර මියගොස් ඇත. මේ සිදුවීමට අදාළව පොලිස් දෙපාර්තුමේනතුව පැවැත්වූ විමර්ශනයකට අනුව මේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (26 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව අත්අඩංගුවට පත් පිරිස අතර උපපොලිස් පරීක්ෂකයෙකු සහ පොලිස් කොස්තාපල්වරු 4දෙනෙකු සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.