පොලිස් නිලධාරියා සැමට ආදර්ශයක් ලෙස සේවය කළ යුතු බවත්,ජනතාවට බලාපොරොත්තු වන සේවාව ලබාදීම සෑම පොලිස් නිලධාරියෙකුගේම වගකීමක් බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.
නිසිලෙස සේවය කරන නිලධාරීන්ට ඩිප්ලෝමා අධ්‍යාපන සුදුසුකමේ සිට උපාධිය දක්වා ඉහළට යෑමට අවස්ථාව ලබාදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ වනවිට සකස් කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
අද (19දා) පැවැති පොලිස්පති ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ පොලිස්පතිවරයා, පොලිස් නිලධාරීන් දිරිමත් කිරීම සඳහා පොලිස් අරමුදලින් තෑගි මුදල් ලබාදීම හා පොලිස්පති ප්‍රසංසා සිදුකිරීම ඉහළ දමා තිබෙන බවද පවසා සිටියේය.
මේ අනුව පොලිස්පති ප්‍රසංසා ත්‍යාග මුදල් ලබාදීමේ ප්‍රදාන උත්සවයට අමතරව සෑම පොලිස් කොට්ඨාසයකම වසරකට සිවුවරක් හෝ තෙවරක් මෙවැනි උත්සව පවත්වන ලෙසට උපදෙස් ලබාදී තිබෙන බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙවැනි උත්සවවලට කොට්ඨාසය නියෝජනය කරන පොලිස් නිලධාරීන්ගෙන් තුනෙන් එකක්වත් ගෙන්වන ලෙසට උපදෙස් ලබාදී තිබෙන බවත්, එවැනි කටයුතු සිදුකරනුයේ ත්‍යාග හා ප්‍රසංසා ලබන නිලධාරීයා දිරිමත් කිරීමට හා අනෙක් නිලධාරීන් ඒ සඳහා උනන්දු කරවීමට බවත්හෙතෙම වැඩිදුරටත් පැවසීය.