කිසියම් පිරිසක් විසින් කුරුණෑගල ප්රදේශයේ ඊයේ (05දා) රාත්රියේ රාජකාරි කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන බඩගමුව රක්ෂිතයට රැගෙන ගොස් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
මංකොල්ලයක් සඳහා පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් නිලධාරියා තුවාල ලබා ඇති බවත් සඳහන් වෙයි.