ජාත්‍යන්තරව මුළු ලෝකයේම පොලීසියේ පැහැය ලෙස සැලකෙන්නේ තද නිල් පාට බවත්, ඒ අනුව ඉදිරියේදී පොලිස් නිල ඇඳුම නිල් පැහැයට හැරවීමට බලාපොරොත්තු වන බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.පොලිස්පතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (22දා) ඇල්ල, වලස්බැද්ද නාදඩුහින්න ගම්මානයේදීය.
“ ජාත්‍යන්තරව මුළු ලෝකයේම රටවල පොලීසියේ පාට හැටියට ගන්නේ ඔය කොඩියේ පාටතද නිල් පාට. ඒකමයි අපේ පාට.ඒක තමයි පොලීසියට වෙන්කරල තියෙන ජාත්‍යන්තර වර්ණය.ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා ඒකත් කරන්න.
මා බලාපොරොත්තු වන්නේ පොලිසිය නව මාවතකට යොමු කිරීමටයි. කවුරු මොනවා කිවුවත් මොන තරම් විවේචන මඩ ප්‍රචාරයන් ගියත් ඔබ තමුන්නාන්සේලා දන්නවා ශ්‍රී ලංකා පොලීසිය අසූපන්දාහක් පිරිසගෙන් සැදි පොලිසියේ අතීතය ඉතාම ශක්තිමත්." යැයිද ඔහු පැවැසීය.
බදුල්ල - පාලිත ආරියවංශ/ඇල්ල - ප්‍රසාද් රුක්මල්