පොලිස් අණ නොතකා, මාර්ග නීති කඩකරමින් රථ පෙළපාළි ගිය කොළඹ ප්‍රධාන පිරිමි පාසල් 2ට අයත් වාහන 22ක් ඊයේ (25දා) පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බොරැල්ල හා කුරුඳුවත්ත පොලීසි වලින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. දිගින් දිගටම මාර්ග නීති කඩකරමින් විනය විරෝධී අයුරින් පෙළපාළි වල ගමන් ගන්නා පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීම ඉදිරියටත් සිදුකරන බව පොලීසිය නිකුත් කළ නිවේදයක වැඩිදුරටත් දැක්වෙයි.