ලන්ච්ෂීට්, ෂොපින් බෑග් සහ පොලිතින්වලට හඳුන්වාදුන් නව ක්‍රමවේදය නිසා ලන්ච්ෂීට් අලෙවිය 15෴කින් සහ ෂොපින් බෑග් අලෙවිය 10෴කින් අඩුවී ඇතැයි සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රිය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මෙම ද්‍රව්‍ය පරිසර හිතකාමී ආකාරයට නිෂ්පාදනයකළයුතු බවට පැනවූ නව නීතිය නිසා ලන්ච් ෂීට් හා ෂොපින් බෑග්වල මිල යම්ප්රමාණයකින් ඉහළ ගිය බවද එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.
මේ නිසා ගෙවීගිය මාසයක කාලය තුළ ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් අලෙවිය අඩුවී තිබෙන බවත්, කර්මාන්තශාලා දහසක ප්‍රමාණයෙන් දෙසියයක ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
පරිසරය පැත්තෙන් සලකා බලන විට මෙය හොඳ දෙයක් වුවද, කර්මාන්තශාලා වැසීයාම තුළින් සේවකයන්ට රැකියා අහිමි වන බවද ලේකම්වරයා සඳහන් කළේය.
මීට අමතරව දැනට නිෂ්පාදනය කරන ලන්ච්ෂීට් කෙටි කාලයක් තුළ දිරාපත් වී යන බවද හෙතෙම පවසා සිටියේය.