මෙරට පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් පොල් වතුර පානයක් ලෙස අපනයනය කිරීම පසුගියදා ආරම්භ කෙරිණි.
ඒ අනුව සිල්වර් මිල්ස් කර්මාන්ත ශාලාව මගින් විදේශ වෙළෙඳ පොළට යැවීම සඳහා අලුතින් නිෂ්පාදනය කළ පැකට් කළ පොල් වතුර පානය හඳුන්වාදෙනු ලැබුවේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසිනි.
ඒ අනුව පොල් කර්මාන්තය ආශ්‍රිතව මෙතෙක් වෙළෙඳ පොළට එක් වූ නිෂ්පාදනවලට පොල් වතුරද ශක්තිජනක පානයක් ලෙසින් එක්වනු ඇත.