වෙළෙඳ පොළේ ඇති පොල් මිල පාලනය කිරීම සඳහා පොල්තෙල් මෙට්‍රික් ටොන් 40,000 ක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම පොල්තෙල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 150 සිට 130 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම පිරිසුදු නොකළ පොල්තෙල් හා පාම්තෙල් කිලෝග්‍රෑම් එකක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 130 සිට රුපියල් 110 දක්වාද, පාම් මද හා පිරිසුදු කළ පාම් තෙල්වල විශේෂ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 150 සිට 130 දක්වාද අඩු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
තවද මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ දේශීය පොල් අස්වැන්න 13.9%කින් පහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති බැවින් එයට පිළියමක් ලෙස කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.