පොල්ගහවෙල උඩපොළදී ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අද (24දා) අලුයම මෙම අනතුරු සිදුව ඇති අතර ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන කපා දමා තිබූ ගසක වැදී ඇත. එහිදි ලොරි රථයෙන් ගමන ක දීපා රෝෂිණි (48), සමන් ප්රියන්ත (50) යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.
ලොරි රථයේ රියදුරු හා තවත් හය දෙනෙකු තුවාල බා කුරුණෑගල රෝහලට ඇතුළත් කර අතැයි පොලිසිය පවසයි.