ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ නව සභාපති ලෙස ජයන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ. ජයවර්ධන මහතා වතු අධිකාරිවරයෙකු ලෙස සහ කළමනාකරුවකු ලෙස වසර 18 ක් තේ කර්මාන්තයේ ද, නේවාසික ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස මහවැලි සවර්ධන ව්‍යාපෘතියේ වසර 20 ක් ද සේවය කර ඇත.
මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සිප්සතර හදාරා ඇති ඒ මහතා, එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ග්‍රාමීය සංවර්ධන පාඨමාලාවක් හදාරා ඇති අතර, ඇමරිකාවේ කොළරාඩෝ ස්ටේට් විශ්ව විද්‍යාලයේ වාරිමාර්ග කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්ද හදාරා ඇත. ජනවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සහා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ උපදේශකත්වය ද දරා ඇත.
ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ නව සභාපති ලෙස පත්වූ ජයන්ත ජයවර්ධන මහතා සිය පත්වීම් ලිපිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතින් ලබා ගත්තේය.