පොල් ගසන්නේ නම් එකවර පොල්ගෙඩි දශ ලක්ෂයක්වත් ගසා පොල් හිඟයක් ඇති කරන ලෙසත්, එසේ වූ විට පොල් මිල ඉහළ යාම වයඹ ජනතාවට යහපතක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වයඹ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ගේ හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවසේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසීය.
"අපි මේ ප්‍ර‘දේශයේ ජනතාවට උදවු කළ යුතුයි. මේ වයඹ පළාතෙ විතරක් නෙවෙයි, රටේ හැම තැනම පොල් මිල අඩුවෙලා. සමහරු අද පොල් ගහන්න යනවා. පොල් ගහනවා නම් මම කියන්නෙ එකක් දෙකක් නෙවෙයි පොල් ගෙඩි දස ලක්ෂයක්වත් ගහන්න. එතකොට පොල් හිඟයක් ඇති වෙනවා. පොල් හිඟයක් ඇති වුණාම පොල් මිල වැඩි වෙනවා. පොල් මිල වැඩි වුණාම වයඹ මිනිස්සුන්ට හොඳයි.
පොල් ගැහුවට කමක් නෑ. රජයේ පොල්වතුවලින් හොරකම් කරල පොල් ගහන්න එපා. යූ.එන්.පී යෙනුත් පොල් ගහන්න. එතන පොල් ගෙඩි දහයක් පහළොවක් නොවෙයි ඒ සඳහා පොල් දස ලක්ෂයක්වත් මිලදී ගන්න. එව්ට අප හැමෝම සහාය දෙන්නම්. රජයේ පොල් හොරකම් කර පොල් ගැහීම කරන්න එපා. දෙවියන්ගෙ රටෙන් හොරකම් කරපු එකාට ඔය පොල් හොරකම් කරන එක මහ වැඩක් නෙමෙයිනෙ. ඒකනේ මේ විපාක විඳින්නේ."
චාමර විමලරත්න