ජනතාවට ලබාදී තිබෙන පොරොන්දු ඉෂ්ට කිරීමට වර්තමාන නායකයන් දෙදෙනා කටයුතු නොකළහොත් ඔවුන්ද පසුගිය ආණ්ඩුව සේ කුණු කූඩයට වැටෙන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කළේය.
නිදහසින් පසු රට පාලනය කළ පක්ෂ දෙක එකට එකතු වී රට පාලනය කිරීමේ ගමන ආරම්භ කර තිබෙන බවත්, එහිදී ඔවුන්ට විශාල වගකීමක් පැවරී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඔවුන්ට පැවරී තිබෙන වගකීම පිළිබඳ ශීලය රැකගෙන ඉදිරියට නොගියහොත් රට තුළ යහපාලනය හා සංවර්ධනය නමැති බෝට්ටුව වැඩිදුරක් පදවාගෙන යාමට නොහැකි වන බවද පවසා සිටියේය.
වික්ටර් අයිවන් මහතා මේ බව පැවසුවේ, ඊයේ (03දා) සවස පුරවැසිබලය සංවිධානය විසින් සකස් කළ ‘පුරවැසි බලයේ ඉදිරි දැක්ම’ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදීය.
ඡායාරූප ශමීර රාජපක්ෂ