පොදු වැටුප් ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට සිදුකර තිබෙන යෝජනාව ක්‍රියාත්මක කළහොත් ජාතික වැටුප් ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විකෘතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
2006 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික වැටුප් ප්‍රතිපත්තිය නිසා සමහර සේවාවලට වැටුප් විෂමතා ඇතිවී තිබුණද සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා වැටුප් වැඩිවීම සිදුවිය යුත්තේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව බවත්, එසේ නොමැතිව වැටුප් ක්‍රමයක් යටතේ වැටුප් වැඩිකළහොත් රාජ්‍ය සේවය තුළ නැති ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා සිදුවිය යුත්තේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීම බවද හෙතෙම කියා සිටියේය.