පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ බලයේ සිටින ආණ්ඩුවකට පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට නොහැකිවූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතන 340ක් සඳහා පැවති ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් පළාත් පාලන ආයතනය 249කම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය ජයගෙන ඇත්තේ පළාත් පාලන ආයතන 32කි, ඉලංකෙයි තමිල් අරුස කච්චි හිමිකරගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 28කි.ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 11ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව වාර්තාවෙයි. ජනතා විමුක්ති පෙරමුණට එක් පළාත් පාලන ආයතනයක් හෝ ජය ගැනීමට නොහැකිවිය.
නමුත් ඔවුන්ගෙන් තේරී පත්වූ සභික සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා මන්ත්‍රීධුර සංඛ්‍යාව