විපක්ෂයේ පක්ෂ අතර එකට වැඩකළ හැකි අවස්ථා තිබුණත් කැඳහැළි එක්සත් ජාතික පක්ෂය සකස් කරන පොදු විපක්ෂයකට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා නොදෙන බවත්, ඉදිරි මැතිවරණවල දී විධායක ජනාධිපති ක්රමයට එරෙහිව දේශපාලනය කරන්නට කැමති පිරිස් ඒකරාශී කරගෙන පොදු අපේක්ෂක වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට හැකියාවක් ලැබෙනවා නම්, එය හොඳ දෙයක් බවත්, එහෙත් රටේ පවතින දේශපාලන සංස්කෘතිය, ස්වභාවය අනුව එය සරල ක්රියාවක් නොවන බවද එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.