ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට කැමරූන් රාජ්‍ය නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ පිළිබඳව තොතුරු වාර්තා කරන බී.බී.සී. පුවත් සේවය තරගාවලියේ මාධ්‍ය නිලධාරී සයිමන් මොලෙම්බේ උපුටා දක්වමින් පවසන්නේ එය පළා යෑමක් ලෙස දකින බවයි.
තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් අතුරුදන්ව ඇති බව කැමරූන් කණ්ඩායමද තහවුරු කර තිබේ. බර ඉසලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් හා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩකාවන් පස් දෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ.
ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට මැයි 15දා දක්වා වීසා පවතින බවටත් වර්තා වේ. මෙම පළා යෑම පිළිබඳව කනගාටුවන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මාධ්‍ය නිලධාරී සඳහන් කරයි.
මේ පිළිබඳව ඔස්ට්‍රේලියාන් ෆෙරරන් පොලීසිය අවධානය යොමුකර ඇතැයිද බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.