දූෂිත, මර්දනකාරී රජයෙන් රට සහ ජනතාව බේරාගැනීමට, රජය පෙරළා දැමිය යුතු ඕනෑම අවස්ථාවක විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඊයේ (31දා) පිටකෝට්ටේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.
තවද රටේ ජනතාව රට ගැන සිතන්නට පටන්ගෙන ඇති බවත්, ඒ නිසාම ආණ්ඩුව ලක්ෂ දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් අහිමි කරගත් බවත් ඔහු පැවසීය.
කෝඩුකාර පක්ෂයක් ලෙස පළමුවරට කොළඹ හා දකුණු පළාත් සභා වෙනුවෙන් ඉදිරිපත්ව ලැබූ ප්‍රතිචාර පිළිබඳව සතුටට පත්වන බව ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, මෙරට පාලකයා තමන් සිරකර තැබීමට උත්සාහ කළද මෙවර තමාට ප්‍රජා අයිතිය හිමි වූ බැවින් නීත්‍යනුකූලව ඡන්දය ප්‍රකාශ කළ බවයි.
මෙවර මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා පඹයෙකු ලෙස ක්‍රියා කළ බවත්, හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කිසිදු ප්රචාරක රැලියක් පැවැත්වීමට නොදී ඇතැම් පිරිස් විවිධාකාර බලහත්කාරකම් කළ බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.