පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පොත්පත් වල සටහන් කර ඇති දෙයට වඩා වෙනස් ආකාරයකට සාක්කි ලබා දී ඇතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා හෙරොයින් ග්‍රෑම් 275ක් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුවන් මත්ද්‍රව්‍යද රැගෙන ත්‍රිරෝද රථයෙන් පැමිණෙද්දී අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත් ඔවුන් පළාගිය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොත්පත් වල සටහන් කර තිබියදී ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍යයද සමග ත්‍රිරෝද රථයෙන් පැමිණෙද්දී, අත්අඩංගුවට ගත් බව නීතීඥ අමිලා උදයංගනී මහත්මියගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීම නිසා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නැතැයි තීරණය කරමින් විනිසුරුවරයා විත්තිකරුවන් මෙලෙස නිදොස් කොට නිදහස් කළේය.