කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මේ වනවිට ලක්ෂ පහකට අධික ජන සංඛ්‍යාවක් සහභාගී වී ඇති බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය සති අන්තයේ ඉතා විශාල ජනකායක් ප්‍රදර්ශනයට එක් වූ බවත්, මෙවර ප්‍රදර්ශනයට විශේෂ අවස්ථා රැසක් එක්කර ඇති බවත් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
පොත් ප්‍රදර්ශනයට අමතරව විවිධ සංස්කෘතිකාංග, පොත් දොරට වැඩීම්, කැටපත් පවුර ආදී විශේෂාංග රැසක් ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.
මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 450 ක් පමණ අන්තර්ගත අතර, ලබන 27 වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ පස්වැනි දිනය අද (22දා) යි.