“ තමුන්නාන්සේලා දන්නවා අද නිදහස් දවස, අද මගෙන් පොඩි ළමයෙක් පන්සලේ දී අහනවා මේ සමරන්නේ කී වැනි ජාතික නිදහස් සැමරුම ද කියලා. මම ඒ ළමයට කිව්වා හැත්තෑ වැනි සැමරුම කියල. ළමයා කියනව අප්පච්චිට වැරදිලා, ජනාධිපතිතුමා කිව්වා තිහ කියලා. පස්සේ මම කිව්වා එතුමාගෙන් අහමු පුතේ මම නම් දන්නෙ 70 කියලා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තිරප්පනය පුංචිකුලම ප්‍රදේශයේ ඊයේ (4දා) පැවැති ජනහමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ ආසියාවෙම ලංකාවේ ජනාධිපතිවරයකුයි, අප්‍රිකානු රටක ජනාධිපතිවරයෙකුයි තමයි චෝදනා ලබා තියෙන්නේ පගා ගැහුව කියල. ඒ කවුද කියලා අහල තියනවද? කවුද ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ ලෝක බැංකුවේ කෘෂිකර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා. ඕස්ට්‍රේලියාවේ පොලීසිය පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව රූපවාහිනියේ හා ගුවන්විදුලියේ ප්රවෘත්ති ගියා පත්තරවලත් ගියා. මේ රටේ ජනාධිපතිවරයෙක් එයට සම්බන්ධයි කියලා. මම හිතනවා එතුමාට මේකටත් ලංකාවේ කොමිසමක් දාන්න වෙයි කියලා. ඒකටත් විශ්‍රාමික විනිශ්චයකාරයෙකු දැම්මා නම් වැඩිය හොඳ ප්‍රතිඵල ලැබෙයි.
මෙච්චර කාලයක් මේවා කිව්වේ නෑ. අද තමයි පළමු වතාවට කියන්නේ. අපේ අපෙත් සීමාවක් තියෙනවා. අපි අපහාස කරන්න කැමති නෑ. මම කලින් කිව්ව ඒ සිද්ධිය ඉංග්‍රීසි පුවත්පත්වල විතරයි ගියේ. සිංහල පත්තරවල කැපුවා. උදේට පත්තර කියවන්නා මේක දැක්කෙත් නෑ. හැබැයි මේ තත්ත්වය තමයි අද තියෙන්නේ. මම සුදනා, මම සුදනා, කියලා කෑගහන මනුස්සයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනෙ. ඕනවට වඩා අරූ හොරා, මූ හොරා කියලා කෑ ගහන අය තමන්ගේ හොරකම වහගන්න තමයි එහෙම කෑ ගහන්නේ.
මෙයාලට 70ත් 30ත් වරදිනවා. මිලියන ගණනත් වරදිනවා. බිලියන ගණනක් වරදිනවා. මිලියන ගණන් ත්රිලියන ගණන් වරදිනවා. දැන් කියනවා ත්රිලියන 10 කට වෙච්ච දෙයක් නැහැ කියලා ආපු එකක් නෑ. ගියපු විදියත් නැහැලු. ඉතිහාසයේ කවමදාකවත් අපි ත්රිලියන දහයක් ණය වෙලා නෑ. ත්රිලියන දෙකයි ගණනක් තමයි තිබුණේ. අපි ගත්ත ණයවලට කරපු දේවල් කන්කසන්තුරෙන් ගත්තහම හම්බන්තොට දක්වා රට වටේ ගියා ම පේනවා .” යැයි ද පවසා සිටියේය.
අනුරාධපුර බී. ජී. චතුරංග