පේරාදෙණිය සරසවියේ නවක සිසුන් අට දෙනෙකුට නවක වදය ලබාදීමේ චෝදනා යටතේ බන්ධනාගාර ගතව සිටි සිසුන් 16 දෙනා මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා අද (02දා) නියෝග කළේය.
සිසුන් වෙනුවෙන් ඉදිරිපත් කරන ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, නවක වද පනත යටතේ ඇප ලබාදීම මහේස්ත්‍රාත් අධිකරණයකට කළ නොහැකි බවත්, එබැවින් ඇප ඉල්ලීම මහාධිකරණය වෙත යොමුකරන ලෙසද දන්වා සිටියේය.
සැකකාර සිසුන් 15 දෙනා සතුව තිබූ ජංගම දුරකථන 12ක නවක වදයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බවට සැකකරන බැවින් ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස පේරාදෙණිය පොලීසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නේය.