පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ නවක වද සිදුවීමට අදාළ සැකකාර සිසුන් 15 දෙනා මෙම මස 24 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11දා) නියෝග කළේය.
මොවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් 8දෙනෙකු විශ්වවිද්‍යාල භූමියෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් අමානුෂික ලෙස නවකවදය ලබාදෙමින් සිටියදී ඉකුත් පෙබරවාරි මස 19 දා රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙම සිසුන් පසුගිය පෙබරවාරි මස 20 දින සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් අවස්ථා හතරකදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.