සිරගත කළ සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනාට අද (04දා) දින මහනුවර අධිකරණයෙන් ඇප ලබාදුන් අතර, ඔක්තෝම්බර් 02 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දන්වා ඇත.
කළමනාකරණ පීඨය ස්ථාපිත කරන ලෙසට පාලනාධිකාරයට කළ බලකිරීමේශිෂ්ය ක්‍රියාමාර්ගවලට සම්බන්ධව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ මෙම සිසුන් 05 දෙනා පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.