පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් විස්මිත සැත්කමක්
ගෙළ ප්‍රදේශයේ විශාල ගෙඩියක් ඇති වීම නිසා ස්වසන මාර්ගය හා පෙනහළු අවහිර වීම නිසා (Teratoma ) නැමැති රෝගී තත්ත්වයෙන් මව්කුස සිටි දරුවෙකුගේ හිස සිට ළය දක්වා කොටස පමණක් සිසේරියන් සැත්කමකින් පිටතට ගෙන පැය දෙකක පමණ සැත්කමකින් පසු දරුවා නිරුපද්‍රිතව පිටතට ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.
මෙවැනි සැත්කමක් සාර්ථකව සිදුකර දරුවෙකුගේ ජීවිතය මෙරටදී බේරාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
දරුවාගේ ස්වසන මාර්ගය අවහිරවන සේ පිහිටි ගෙඩිය සැත්කම මගින් සම්පූර්ණයෙන් ඉවත් කිරීම අසීරු බැවින් ගෙඩිය නිසා ස්වසන මාර්ගයේ පවතින අවහිරතාව සැත්කම මගින් නළයක් යොදා තාවකාලිකව ඉවත් කර ඇත.
පේරාදෙණිය ශික්ෂණ රෝහල ස්ථාපිත කර ගෙවුණු වසර 40 ක කාලය තුළ මෙවැනි සැත්කමක් සිදුකර නොමැති අතර සැත්කමෙන් පසු දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබේ.
දරුවාගේ හිස සහ ගෙළ ප්‍රදේශය පමණක් පිටතට ගෙන තිබියදී දරුවා හා මවගේ පෙකණි වැල අතර සම්බන්ධතාව බිඳ නොදමා ඒ ඔස්සේ දරුවාට හුස්ම ගැනීමට සලස්වමින් වෛද්‍ය කණ්ඩායම මෙම සැත්කම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




