පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ වනජීවී අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සංචාරයට බාධාවක්ව තිබූ දෙබර කූඩු ඉවත් කිරීම ඊයේ (24දා) රාත්රියේදී සිදුකෙරිණි.
උද්භිද උද්‍යානයේ තල්ගස් පේළියේ දිරාගිය අතු එක්කර බැඳතිබූ මෙම දෙබර කූඩු එහි නිලධාරීන්ටද විශාල ප්රශ්නයක්ව තිබූ අතර කොයි මොහොතක හෝ දිරා ගිය තල් අතු සමග දෙබර කූඩයක් කඩා වැටීමක් සිදුවීමට ඉඩකඩ තිබූ බැවින් සංචාරකයන්ගේ ආරක්ෂාවට එය බාධාවක්ව තිබී ඇත.
එයට පිළියමක් වශයෙන් නියෝජ්‍ය උද්‍යාන අධ්‍යක්ෂකතුමිය විසින් ‘ඔගස්ටාවත්ත බිඟු සම්පත සුරැකීමේ සංවිධනයෙන්’ සිදුකරන ලද ඉල්ලීම මත එම සංවිධානය විසින් මෙම දෙබර කූඩු ඉවත් කිරීම සිදුකරන ලදී.
‘බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ’ ලේකම් බණ්ඩාර තඹවිට, මහින්ද විජේසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එහි තාක්ෂණ ශිල්පීන්ගේ නායකත්වයෙන් විදුලිබල මණ්ඩලයෙන් සපයන ලද දොඹකරයක අධාරයෙන් අඩි සියක් පමණ උස් වූ තල්ගස්වල තිබූ දෙබර කූඩු රාත්‍රී කාලයේදී ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
එක් දෙබරයක් බැඳ තිබූ තල් ගස් උසින් වැඩි වූ හෙයින් දොඹකරයේ උස මදි වූ අතර, එහි පෙට්ටියට ඉනිමගක් බැඳ ඉතාමත් අසීරුවෙන් දක්ෂ ලෙස එම දෙබරයද කපා ඉවත් කෙරිණි.
මීට පෙර මෙලෙස බැඳ තිබූ දෙබර කූඩුවලින් සංචාරයකයන්ට ප්‍රහාර එල්ල වී ඇති අතර, උද්‍යානයේ පරිසරය අනුව දෙබරුන් සහ බඹරුන් වාසස්ථාන සාදාගන්නා බවත්, එය වැළැක්වීමට නොහැකි බවත්, එහෙත් ඔවුන් විනාශ කිරීම නොකළ යුතු කාර්යක් සේම දෙබරුන්, බඹරුන් පරිසරයට අවශ්‍ය බැවින් ආරක්ෂා සහිතව රක්ෂිතයකට ඉවත් කිරීම සිදුකරන අතර, වෙනත් කෘමි සතුන්ගේ ජීවන චක්‍රය රදා පවතින්නේ දෙබරුන් නිසා බවත්, ස්වභාවික පරිසරයෙන් දෙබරුන් ඉවත් කර දැමීම නොකළ යුතු අතර, ඔවුන් පුළුස්සා විනාශ කර දැමීමද නොකළ යුතු බවත් ‘බිඟු සම්පත සුරැකීම’ සංවිධානය පෙන්වා දෙයි.
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර