කෘත්‍රිම කඩදාසිවලින් නිෂ්පාදනය කර තිබෙන පෙළපොත් හරහා අක්ෂි රෝග හා ශ්වසනාබාධ ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා මෙම පෙළපොත් බෙදාහැරීම සිදු නොකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
සියලුම තාක්ෂණික නිර්දේශ ඉවත දමා රුපියල් කෝටි 15 ක වියදමින් කෘත්‍රිම කඩදාසිවලින් පෙළපොත් ලක්ෂ 05 ක් මුද්‍රණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.