ඉදිරියේදී පැවැත්වෙන පෙරහැර මංගල්‍ය සඳහා රජය මගින් ඉල්ලා සිටින අලි ඇතුන් එහි හිමිකාරිත්වය විසින් ලබා නොදෙන්නේ නම් එම සතුන් අධිකරණ නියෝග මත පවරා ගැනීමට කටයුතු කරන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
පෙරහර සදහා අලි ඇතුන් යෙදවීමට මේ වනවිට තීරණය කර ඇති බවත්, එම එකඟතාවට පත් නොවන අලි ඇතුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටද පියවර ගන්නා බවත් ඔහු කීය.
පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (27) මේ බව කීවේය.ගතිරසාර සංවර්ධනය පිළිබදව මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, නීති විරෝධී අයුරින් ළග තබාගෙන සිටි අලි ඇතුන් පෙරහරට යොදාගැනීම සුදුසු යැයි විශ්වාස නොකරන බවත්, ඇතැම් අලි ඇතුන් දැඩි ලෙස වද හිංසාවට පත්ව ඇති බවත් කියා සිටියේය.
පෙරහර සඳහා යොදාගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව කොපමණදැයි නිශ්චිතව ගණනය කිරීම ඉදිරියේදී සිදු කරන බව කී ඒ මහතා දැනට අලි ඇතුන් 120 - 140 අතර ප්‍රමාණයක් ඒ අතර වන බව සඳහන් කළේය. අලි ඇතුන් හීලෑ කොට පෙරහර සඳහා යොදා ගැනීමට සුදුසු අලි පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් නුදුරේදීම ආරම්භ කරන බවත්, එහි අලි ඇතුන් 30 ක් පමණ හීලෑ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.