පෙරපාසල් ගුරුවරුන්ට විශ්රාම වැටුපක් ලබාදීමට වැඩපිළිවෙළක් සකසා ඇතැයි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනී නීතීඥ සුමනා ආරියදාස මහත්මිය පැවසුවාය.
පළාත් සභා සමග එක්ව මෙම වැඩපිළිවෙළ සිදුකෙරෙන බවත්, ඒ සඳහා ලබන සතියේදී ආරම්භක සාකච්ඡාව පවත්වන බවත් සභාපතිවරිය සඳහන් කළාය.