දෙපානම, පන්නිපිටිය පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් එම කාර්යාලයේ සිටි පක්ෂ සාමාජිකයන්ගෙන් අද ප්රශ්න කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී අජිත් කුමාර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් මෙසේ ප්රකාශ සටහන් කරගත් බවයි එම පක්ෂය සඳහන් කළේ.
මේ පිළිබඳව අදහස් දක්වන එම පක්ෂයේ ප්රචාරක ලේකම් සඳහන් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ප්රකාශ ලබාගත් බවයි.