කිරින්ද, ගැටමාන්න පාරේ පිහිටි කොමියුනිකේෂන් ආයතනයකට අද (27දා) පැමිණි තරුණයෙක් විසින් එහි සේවය කළ තරුණියකට හා තරුණයෙකුට පහියකින් ඇන තුවාල සිදු කර තිබේ.
කොළඹ පොලිස් සැරයන්වරයෙකුගේ පුතෙක් බව කියන තරුණයෙක් පිහි ඇනුම සිදුකර තිබෙන අතර සැකකරු හා පිහිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූවන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.