සෑම වසරකම සැප්තැම්බර් සහ පෙබරවාරි මාස පොකිරිස්සන්ගේ බෝවීමේ සමය බැවින්, එම කාලය තුළ පොකිරිස්සන් ඇල්ලීම, මිලදී ගැනීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
කිසියම් තැනැත්තෙකු විසින් පෙබරවාරි හා සැප්තැම්බර් මාසය තුළ කටු පොකිරිස්සන්, ස්ලිපර් පොකිරිස්සන් හෝ එම සතුන්ගේ මස් හෝ වලිග අපනයනය කිරීමද නොකළ යුතු වේ. විශේෂයෙන්ම බාහිර බිත්තර සහිත කටු පොකිරිස්සන් හෝ බාහිර බිත්තර සහිත ස්ලිපර් පොකිරිස්සන් මිලට ගැනීම, ප්‍රවාහනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීමද, ඔවුන්ගේ බිත්තර හෝ බිත්තර සම්බන්ධව පවතින ප්ලව පාද ඉබවත් කිරීම හෝ නොකළ යුතු වේ.
මෙම නියෝගය තදින්ම පෙබරවාරි සහ සැප්තැම්බර් මාසය තුළ ක්‍රියාත්මක කරන්නැයි ධීවර පරීක්ෂකවරුන්ට උපදෙස් දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.