පෙත්සම් ගැසීමට දක්ෂයන් සිටිනවා
රාජකාරිය කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පෙත්සම් ගැසීමට දක්ෂ පිරිස් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් ගෙන්වීමට විරුද්ධ පිරිස් මෙසේ පෙත්සම් ගසන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට පසු භාවිත ප්ලාස්ටික් බහාලුම් කට්ටල 156 ක් භාරදීම වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ පැවති උත්සවයකදී හෙතෙම මේ බව කීය.
වසර 10 කින් දුම්රිය එන්ජින් රියදුරන් බඳවාගෙන නැති බව පැවසූ ඇමතිවරයා ඒ සඳහා හිටපු ඇමතිවරු සහ සාමාන්‍යාධිකාරීවරු වගකිව යුතු යැයිද අවධාරණය කළේය.
&අපි දුම්රිය බළඇණිය ශක්තිමත් කරන්න ඉන්දියාවෙන් දුම්රිය මැදිරි හා එන්ජින් ගෙන්වන්න කටයුතු කරනකොට ඉන්දියාවෙන් දුම්රිය මැදිරි ගෙන්වන්න එපා කියලා පිරිසක් විරුද්ධ වෙනවා.
පෙත්සම් ගහනවා ඉන්දියාවෙන් ණය දෙනවා නම් අපි ඉන්දියාවෙන් දුම්රිය මැදිරි ගන්න ඕන. කැනඩාවෙන් හරි, චීනෙන් හරි, ප්‍රංශයෙන් හරි ගන්න බැහැ. ඉන්දියාවෙන් ණය ලබාගෙන මේකට විරුද්ධ වෙන අය තමයි අපිට විරුද්ධව පෙත්සම් ගහන්නේ* යනුවෙන් හෙතෙම විමසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

