පෙට්‍රල් හිඟයක් නැවත ඇතිවෙන බවට දිවයින පුරා කටකතාවක් පැතිර ගියත් එවැනි ආකාරයක කිසිඳු පෙට්‍රල් හිඟයක් නොමැති බව ඛණිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. මුතුරාජවෙල හා කොලොන්නාව තෙල් සංකීර්ණයේ මෙට්‍රක් ටොන් 27479ක සංචිතයක් ඇති බවත් ඔවුන් පවසයි. කෙසේ වෙතත් මේ වන විට ඇතැම් ඉන්ධන හල් තුළ තරමක වාහන පෝලිමක් පවතී.